Life
කොත්තු රොටි කන්න හොඳ නැතිද?
උඩුකය නිරාවරණය කරගෙන ආහාර පිසීමේදී දහදිය සමඟ අපගේ ශරීරයෙන් පිටවන ස්ටැපිලොකොකස් බැක්ටීරියාව
ඉතා පහසුවෙන් ආහාර සමඟ එක්වේ.
මෙම බැක්ටීරියාවද උදරාබාධ ඇති කිරීමට හේතුවේ.
වර්තමානයේ අප රටේ ජනප්‍රියතම ආහාරයක් බවට කොත්තු රොටි පත්ව ඇත.
රාත්‍රි ආහාරයක් ලෙස ජනප්‍රිය මෙය නිවෙස් වලට වඩා රාත්‍රි ආහාර අලෙවි කරන ආපන ශාලාවල පිළියෙල කරනු ලබයි.
එනිසා කොත්තු රොටි හදන කොත්තු බාස්ලා ලෙසින් පිරිසක්ද සිටිති.
කොත්තු
රොටි ජනතාව අතර ජනප්‍රිය හා සමානව එය ගැනද නොයෙකුත් මත ජනතාව අතර ඇත.
කොත්තු කන්න හොඳ නැහැ. කොත්තු හදන්නේ අපිරිසිදුව.. ලෙසින් මත පළවේ.
'කොත්තු රොටි' පෝෂ්‍යදායී ආහාරයක්ද?
'කොත්තු
රොටි' කියන්නේ සමබල ආහාරයකි. එය සකස් කරන්නේ පිටිවලින්. එනිසා එහි පිෂ්ඨය
තිබෙනවා. පිටි සකස් කිරීම සඳහා තෙල් භාවිත කරන නිසා මේදය අඩංගුයි. එළවළු
වර්ග කිහිපයක් යොදා ගන්නා නිසා විටමින් තිබෙනවා. බිත්තර එක්කරන නිසා
ප්‍රොaටීන් තිබෙනවා.
නමුත් මෙය දිනපතා ගතයුතු ආහාරයක් නොවෙයි. සතියකට දෙවරක් පමණ ආහාරයට ගැනීම සුදුසුයි.
කොත්තු රොටි හදන්නේ අපිරිසිදු අයුරින්ද? පිරිසිදු අයුරින්ද? කියා හඳුනාගන්නේ කෙසේද?
රොටි කැබලි
කොත්තු
සෑදීමට ගන්නා පිටි වලින් සැකසූ රොටි කැබලි එකිනෙකට ඇලී ගුලියක් ලෙස නොව
වෙන වෙනම කෑලි ලෙස තිබෙනවා නම් ඒවා අලුත් රොටි කැබලිය. එකිනෙකට ඇලී
ගුලියක් මෙන් තිබේනම් එම පිටි දිනක් දෙකක් ශීතකරණයේ තැබූ ඒවාය.
එළවළු
කොත්තු සඳහා භාවිත කරන එළවළු පිරිසිදුව භාජනවල දමා වසා තිබේනම් එම එළවළු අපිරිසිදු වී නැතැයි කියා තීරණය කළ හැකියි.
බිත්තර
කොත්තු සඳහා භාවිතා කරන බිත්තර හොඳින් පිරිසිදුව තිබිය යුතුයි. බිත්තර කටුවේ කුකුල් අසූචි තැවරී නොතිබිය යුතුයි.
අසූචි තැවරී තිබුණොත් එහි ඇති සැලමොනෙල්ලා බැක්ටීරියාව බිත්තර කඩා කොත්තු සඳහා එක් කරන විට ආහාරයට ඇතුළු වීම පහසුවෙන්ම සිදුවෙනවා.
මෙම බැක්ටීරියාව ශරීර ගතවීමෙන් ඉතා ඉක්මනින්ම උදරාබාධ ඇතිවෙනවා.
කොත්තු තැටිය
කොත්තු
සාදන තැටිය සහ රොටි කැබලි මිශ්‍ර කරන තහඩු කැබලි දෙක කළු පාටට ඇත්නම් එම
තැටිය සහ තහඩු කැබලි දෙක හොඳින් පිරිසිදු කර නැති බව හඳුනාගත හැකිය.
කොත්තු බාස්
කොත්තු රොටි සාදන පුද්ගලයා තම උඩුකය ඇඳුමක් ඇද ආවරණය කරගෙන සිටීම වැදගත්ය.
උඩුකය
නිරාවරණය කරගෙන ආහාර පිසීමේදී දහදිය සමඟ අපගේ ශරීරයෙන් පිටවන
ස්ටැපිලොකොකස් බැක්ටීරියාව ඉතා පහසුවෙන් ආහාර සමඟ එක්වේ. මෙම
බැක්ටීරියාවද උදරාබාධ ඇති කිරීමට හේතුවේ.
ස්ථානය
කොත්තු
හදන ස්ථානය අවට ප්‍රදේශයද පිරිසිදුව තිබිය යුතුයි. කළු පැල්ලම් බිත්තිවල
තිබෙන්න නැහැ. එසේ තිබුණොත් ඒ අවට පිරිසිදු බැහැ. විෂ බීජ බහුලව ගැවසෙනවා.
තෙල්
කොත්තු
සඳහා භාවිත කරන තෙල් දෙතුන්වරක් භාවිත කළ තෙල්ද කියා හඳුනාගන්නේභාවිතා
කරන පොල්තෙල් හෝ එළවළු තෙල් වල පැහැය අනුවය පිරිසිදු තෙල් අවර්ණ හෝ කහ
පැහැතිය. එය කළු පාට වී ඇත්නම් වරක් භාවිත කළ තෙල්ය.
ආහාරයට ගැනීම
කොත්තු ආහාරයට ගැනීමේදී උණුවෙන් ආහාරයට ගත යුතුයි. එනම් එය සකස් කර පැය දෙකක් වැනි කාලයක් තුළ ආහාරයට ගැනීම කළ යුතුයි.
සමන්ත පෙරේරා
මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
ගම්පහ දිස්ත්‍රික් ශාඛාව.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks